පින් පව් අකුසල් කුසල්

පින් පව් අකුසල් කුසල්

The-Birth-of-Prince-Siddhartha-Gautama-by-Buddhist-Painter-Maligawage-Sarlis---Sri-Lanka-Mid-20th-century

පව්

පව් යනු කිරීමට සිතනවිට කරනවිට කිරීමෙන් පසු යන අවස්ථා තුනෙන් අඩු තරමින් එක් අවස්ථාවකදී හෝ සිත අසතුටට පත්වන සිත කිළිටිබවට පත් කරන ක්රියාවන්ය

පින්

පින් යනු අලෝභ අද්වේශ අමෝහ චේතනා වලින් යුතුව කරන කිරීමට සිතනවිට කරනවිට කිරීමෙන් පසු යන අවස්ථා තුනේදී සිත සතුටට පත්වන සිත පිනායාමට පත්වන දෙයයි

පෘථක්ජන අය පින් කිරීම අත්‍යාවශ්‍යබව බුදුරජානන් වහන්සේ දේශනා කර ඇත   සසර සැප ඇතිවන්නේ පින නිසා බැවිනි යහපත් සැප සහිත ජාතියක උත්පත්තිය ලැබීමට පින හේතුවන බැවිනි සද්ධර්ම ශ්රවණය කළ්‍යාණ මිත්ර සේවණය ආදියට ඉඩ ලැබෙන්නේ යහපත් ජාතියක උත්පත්තිය ලැබුනහොත්ය පින එයට හේතුවෙයි

පින් ඹ්නෑම ජාතියක ඹ්නෑම ආගමක කෙනෙකුට කලහැක එයට බෞද්ධ අබෞද්ධ වෙනසක් නැත අබුද්ධෝත්පාද කාලවලද මිනිසුන් පින් කරති

පින් යනු රැස් කර ගැනීමකි රැස්කර ගන්නා පින් වලින් සැප විපාක ඇතිවෙයි එම සැප විපාක එලදීම සදහා සසර දික්වෙයි සසර සැපසේ දික්වන නමුත් ජරා මරණ දුක්ඛ දෝමනස්ස උපාදාන ආදියෙන් සත්වයා මිදෙන්නේ නැත පුණ්‍යශක්තිය අවසන් වූවිට පහත් ජාතිවල ඉපදීමේ අවදානම ඇත මතු ජාතියේ ධනවත් වීමට රූමත් වීමට බලවත් වීමට සැපවත් වීමට පින්කම් කිරීම පින් රැස්කර ගැනීමක් වුවත් කරගන්නේ අකුසලයකි කෙසේ වෙතත් පව් රැස්කර ගන්නවාට වඩා පින්රැස්කර ගැනීම ඉතා හොදය     සද්ධර්ම ශ්රවණය කළ්‍යාණ මිත්ර සේවණය ආදියට ඉඩ ලැබෙන යහපත් ජාතියක උත්පත්තිය ලබන්නට පින් හේතුවන බැවිනි

පුණ්‍ය කර්ම පාප කර්ම අකුසල කර්ම වන අතර කුසල ධර්ම වෙයි

කරන්නේ පින් කමක් වුවත් එය කුසලයක් වන්නේ සද්ධර්මය දැන එයට අනුව කලහොත්ය      පින් කුසලයක් බවට හරවා ගන්නා ආකාරය ඉගෙනගත යුතුය  කරන පුණය කර්මය ලාභ ප්රයෝජන අපේක්ෂා මතු බලාපොරොත්තු වලින් තොරව නිර්වාණය අරමුණු කරගනිමින් කරන්නේ නම් එය කුසලයක් බවට පත් කරගත හැක     පින්කර එය කුසලයක් බවට හරවා ගන්නා තවත් ආකාරයක් වන්නේ සැමට පින් අනුමෝදනා කිරීමයි එමෙන්ම තවත් ආකාරයක් වන්නේ  පින කිරීමෙන් සිත පිනා ගොස් ඇතිවිට රාග ද්වේශ මෝහ තුරන් කිරීමට කටයුතු කිරීමයි     එවිට  පින් කිරීමෙන් ලැබෙන සියලු යහපත ලැබෙයි

අකුසල

රාග ද්වේශ මෝහ චේතනා වලින් යුතුව කරන කටයුතුයි විඤ්ඤාණයේ රාග ද්වේශ මෝහ කිළිටි බව ඇතිකරන කටයුතුයි  පෘථක්ජන අය රාග ද්වේශ මෝහ වලින් යුක්ත බැවින් අකුසල් කරයි       පව් රැස්කර ගැනීම අකුසලයකි   රැස්කර ගන්නා පව් සහ අකුසල් වලින්  දුක් සහිත විපාක  දෙමින් සසර දුකසේ දික්කරයි කරනලද අකුසල් ගති වශයෙන් කර්ම බීජ වශයෙන් චිත්ත සංථානයේ තැන්පත් වෙයි ඒවා දුක් සහිත විපාක දෙමින් සසර දුක් සහිතව දීර්ඝ වීමට හේතුවෙයි

කුසලය

පින් සහ කුසල් යනු එකක් නොව දෙකකි       කුසල යනු විඤ්ඤාණයේ ඇති රාග ද්වේශ  මෝහ වලින් වූ කිළිටි ගති ඉවත් කිරීමයි        විඤ්ඤාණය තවතවත්  රාග ද්වේශ  මෝහ ගති වලින් කිළිටිවීම වලක්වා ගැනීමයි          කුසල් කල හැක්කේ බෞද්ධයෙකුට පමණි           විඤ්ඤාණය රාග ද්වේශ  මෝහ වලින් සං වන අයුරු පටිච්ච වන අයුරු පටිච්ච සමුප්පාද ධර්මය ආදී ධර්ම කරුණු සම්බන්ධව තේරුම් තිබිය යුතු අතර යෝනිසෝමනසිකාරයෙන් සිටිය යුතු බැවිනි

සත්වයා සසරින් මිදීමට හේතු වන්නේ කුසලයයි     පුණ්‍ය කර්ම අකුසල කර්ම වන අතර කුසල ධර්ම වෙයි කුසලය යනු අකුසල් නොකර සිටිමයි      එයට ඇති දක්ෂතාවයයි කුසලතාවයයි      කුසලය යනු චිත්ත සංථානයේ තැන්පත්ව ඇති අකුසල් ඉවත් කරීමයි      එයට ඇති දක්ෂතාවයයි කුසලතාවයයි    පින්  පව්  අකුසල්රැස්වෙයි      කුසලය මහත් වන්නේ ඉවත්කරනු ලබන අකුසල ප්රමාණය අනුවය   අකුසල රැස් නොකර සිටීමේ ඉවත් කිරීමේ සාර්ථකත්වය අනුවය

සම්මා සම්බුදුරජානන් වහන්සේලා සද්ධර්මය දේශණා කරන්නේ ප්රදාන වශයෙන් පින් කරන ආකාරය ඉගැන්වීමට නොවේ කුසල් කරන ආකාරය ඉගැන්වීම සදහාය සත්වයාට  සසරින් මිදෙන ආකාරය ඉගැන්වීම සදහාය

සබ්බ පාපස්ස අකරණං  –  කුසලස්ස උපසම්පදා  –  සචිත්ත පරියෝදපනං    –  ඒතං බුද්ධාන සාසනං   යනුවෙන් කියා ඇත්තේ එබැවිනි   කුසලස්ස යන වචනයේ තේරුම  කු – කුණු කෙලෙස්    සල  – සොලවා     ස්ස – අහක් කිරීම   අස් කිරීම     යනුයි

අකුසලය ඇතිවන්නේ විඤ්ඤාණය රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් පටිච්චවීම නිසාය එවිට අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මයන් ක්රියාත්මකවීමෙන් සංසාරය දීක්වේ කුසල කරනවිට විඤ්ඤාණයේ ඇති රාග ද්වේශ මෝහයෙන්  කිළිටි ගති ඉවත්වන බැවින් විඤ්ඤාණය පිරිසිදු වේ පිරිසිදු විඤ්ඤාණය පුනර් භවයක් ඇති නොකරයි  සත්වයා සසරින් මිදෙයි

සම්මා සම්බුදුරජානන් වහන්සේලා ශ්රී සද්ධර්මය  දේශණා කරන්නේ එම සසරින් මිදෙන ආකාරය ලෝක සත්වයාට කියාදීම සදහාය   දුකින් මිදී නිවනට පත්වන ආකාරය කියාදීම සදහාය

පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ සහ පූජ්‍ය වලස්මුල්ලේ අභය ස්වාමීන්වහන්සේ ඇතුලු වෙනත් ස්වාමීන් වහන්සේලාගේ ධර්මදේශනා ඇසීමෙන්සහ වෙනත් විවිධ ධර්ම පොත් වලින්  ලබාගත් දැනුම අනුව සකස්කර ඉදිරිපත් කලෙමි

1.www.panhinda.sirisaddharmaya.net  2. http://www.nirapeksathwayemaga.com

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s