sathara sathipattana bhawana

සතර සතිපට්ටාන භාවනාව

සතර සතිපට්ටාන භාවනාව කියන්නේ මොකක්ද කියලා ඇහැව්වහම හුගක්අය කියන්නෙ

කායානුපස්සනාව            වේදනානුපස්සනාව                                                                                                       චිත්තානුපස්සනාව                                                                                                                     ධම්මානුපස්සනාව කියලය්                                                                                                                     එය වැරදියි                                                                                        

නිවැරදි ආකාරය                                                                                                                                    කායේ කායානුපස්සනාව                                                                                                                      වේදනා වේදනා අනුපස්සනාව                                                                                                         චිත්තේ චිත්ත අනුපස්සනාව                                                                                                               ධම්මේ ධම්ම අනුපස්සනාව යනුය්

කායේ කායානුපස්සනාව ” යනු කුමක්ද?

කය කියල වචනයක් ත්‍රිපිටකයේ මාගධී භාෂාවේ නෑ මේක පරිවර්තකයන්ගේ අර්ථය, බුදු හාමුදුරුවන්ගේ තියෙන්නේ ශරීරන්, ශරීර කූඩුව. ශරීරන් මිසක් කය කියල වචනයක් මාඝදී භාෂාවේ නෑ.

මාඝදී භාෂාවේ තියෙන වචනය කාය. කාය ගතා සතිය, සබ්බ කාය , චක්කු කාය, සොත කාය, ගැන කාය, කායේ කායානුපස්සනාව, මේ කාය කියන වචනය ක්‍රියාකාරකම්. ඒ ක්‍රියාකාරකම් තමා අපි මේ හේතුපල ධර්මයන් හැටියට විග්‍රහ කරන්නේ. ඉතින් ඒක නිසා කය කියල එකක් මාඝදී භාෂාවේ තියෙන වචනයක් නෙවෙයි ඒක මේ සිංහල භාෂාවේ පස්සේ හදා ගත්තු වචනයක්

ආපෝ. තේජෝ, වායෝ, පටවි කියන හතර තමා ශරීර. කය.

ඒක ක්‍රියාවක් නෙවෙයි. ඒක ක්‍රියාවක් වෙන්න නම් යම් ආකාරයක සංකාරයක් සිද්ධ වෙන්නම ඕනේ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ සංකාර තියෙන්නේ, කාර, සංකාර, ඒ වගේම කාය. කාය නිසා තමයි කාර වෙන්නේ. ඒ ක්‍රියාකාර කමක් ශක්තියක් තියෙන එකයි කාය කියන්නේ. කායේ කාය ගතා සතිය මේ ක්‍රියාවේ වේගය ප්‍රහාණය කිරීම කායේ කායානුපස්සනාව.

කායේ කායානුපස්සනාව

අනුපස්සනා කියන්නේ මොකද්ද? අනු කියන්නේ අලුතෙන් උපදින අර ක්‍රියාකාරකම් නිසා අලුතෙන් උපදින දේ

පස්සනා කියන්නේ ප්‍රහාණය කිරීම. ප්‍රහාණය කිරීම කියන්නේ අහෝසි කරදැමීම කායේ ඒ ක්‍රියාව නිසා අලුතෙන් උපදින කාය, නොහොත් කායේ ඒ ඒ ක්‍රියාකාරකම් නිසා අලුතෙන් උපදින ශක්තිය ප්‍රහාණය කරනවා. එයය් කායේ කායා අනුපස්සනාව කාය කියන වචනය ගත්තහම එහි රූප කාය ශක්තීන් ගැන සලකා බලනවිට එහි ඇසින් දකින රූප රූප කනින් අහන සබ්ද රූප දිවෙන් ඇතිවෙන රස රූප ආදී රූප කාය ශක්තීන් හයක් තියනව එම අලුතෙන් උපදින ශක්තීන් ප්‍රහාණය කිරීම රූප කායේ කායා අනුපස්සනාවය්

ඒ වගේම් වේදනා වේදනා අනුපස්සනා

චිත්තේ චිත්ත අනුපස්සනා

ධම්මේ ධම්ම අනුපස්සනා.

එයයි සතර සතිපට්ටාන භාවනාව

එසේ අනුපස්සනා කිරීමෙන් ඇතිවන ඇතිකරගන්නා අලුත් කායයන්හි ශක්තීන් ප්‍රහාණය කිරීම සතර සතිපට්ටාන භාවනාවය් එසේ ඇතිවන ඇතිකරගන්නා අලුත් කායයන්හි ශක්තීන් ප්‍රහාණය කිරීම වනවිට සංසාරය දිගින් දිගට යාමට හේතුවන වින්චාන සක්තීන් අඩුවෙලා යනවා එය නිවන් දැකීමට හේතු වෙනවා
කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර යනුවෙන් සඳහන් වනවිට එතනත් තියෙන්නේ කාය සංකාර, එතනත් තියෙන්නේ ක්‍රියාකාරකම් මිසක් කයක් නෙවෙයි. අතින්, කටින්, මේ ශරීරයේ යම් කොටසකින් ක්‍රියාකාරකම් කරනවානම් ඒක කාය සංකාර

කාය ගතා සතිය භාවනාව

දැන් හුගක් අය කරන්නේ කාය ගතා සතිය කියල කය දිහා බලාගෙන ඉන්නඑකනේ
කාය ගතා සතිය කියල එහෙම මේ අපෝ, තේජෝ, වායෝ, පටවි, කියන මේ ශරීර කූඩුව දිහා බලාගෙන ඉඳල හරියන්නේ නෑ. මේ ශරීර කූඩුව තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකම් තිස් හය හරියට බලන්න ඕනේ. අන්න ඒකයි කාය ගතා සතිය කියන්නේ. ඔය හුගක් වචන හරි තේරුම නොදැන පටලවාගෙන අද වෙන වෙන ඒවා කර කර ඉන්නවා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s