Anupassana – අනුපස්සනාව

 

buddha buddhism famous history

අනු පස්සනා

මෙහි අනු කියන්නේ පසුව ඇතිවන අලුතෙන් ඇතිවන කියන අදහසය් පස්සනා කියන්නේ  අඩුකරන පහ කරන ප්‍රහාණය කරන කියන අදහසය්  අපි මෙහි මුලට කාය කියන  වචනය දාල එවිට  එහි තේරුම  බලමු

කාය අනුපස්සනා

ඒ ලියල තියෙන්නේ පාලි විදියට එය සිංහල විදියට ලිව්වහම එන වචනය වෙන්නේ ‘අනු කාය පස්සනා’ කියලය්  අනු කාය පස්සනා කියන වචනයේ  තේරුම වෙන්නෙ පසුව ඇතිවන කයවල් පහකිරීම කියන අදහසය්

දැන් අපි කායේ අපි බලමු කයේ කාය කියන වචනයේ තේරුම

එහි තේරුම වෙන්නේ කයින් ඇතිවන අලුත් කයවල් කියන එකය්   එතකොට කායේ කායානුපස්සනාව  කියන්නේ කය්න් ඇතිවන අලුත් කයවල් පහකිරීම කිරීමේ ක්‍රියාවලිය කියන එකය්

එතකොට කායේ කියන වචනයේ තේරුම මොකක්ද

කාය කියන වචනයේ ප්‍රධාන  කාය හයක් තියෙනවා   ඒවානම්    1 රුපය නිසා  ඇසට පෙනෙන රුප  කය 2 සබ්දය නිසා  කනට ඇසෙන සබ්දකය 3 සුවඳ නිසා නාසයට දැනෙන ගන්ධ  කය 4 රස නිසා දිවට දැනෙන රස  කය 5 ස්පර්ශ වීම නිසා කයට දැනෙන ස්පර්ශ කය  කියන කයවල් හයය්     ජීවත්ව ඉන්න හැමෝටම මේ කයවල් හය ඇතිවෙනබව  ඔබට තේරුම් යනවා ඇති

අපි 1 රුපය නිසා  ඇසට පෙනෙන  රූපකය ගැන බලමු

ඔබට  ඇසින් පෙනෙන්නේ එක කයක් වුනාට ඔබ දකින්නේ එම පෙනෙන කයම නොවෙය්  උදාහරණයක් ගෙන බලමු    අපි හිතමු  ගෑනු ළමයෙක් පාරේ එනවා කියල   එයාගේ අම්ම එයාව දකින්නේ මගේ දුව එනවා කියලය්  එයාගේ ටීචර්  එයාව දකින්නේ මගේ පන්තියේ ළමයෙක්  එනවා කියල ය්   එයාගේ නංගි එයාව දකින්නේ මගේ අක්ක  එනවා කියලය්    එයාගේ පෙම්වතා  එයාව දකින්නේ මගේ පෙම්වති  එනවා කියලය්  එයාගේ පෙම්වතා  එයාව දකින්නේ මගේ පෙම්වති  එනවා කියලය්   එයාගේ තරහකාරියක්   එයාව දකින්නේ මගේ තරහකාරිය  එනවා කියලය්   ඉතින් දැන් තේරෙනවනේ  පෙනෙන රුපය නෙවෙය් දකින්නේ එයින් තමන් හදාගන්නා අලුත් රුපයක්  බව

දැන් ඔතන දුවͺ ගෝලයාͺ අක්කͺ පෙම්වති ආදී ආකාරයට එයාව දකින අයගෙ සිතේ ඇතිවන්නේ  බැඳීමක්තරහකාරිය  ආදී ආකරයට එයාව දකින අයගෙ සිතේ ඇතිවන්නේ  ගැටීමක්  ඇලීම් ගැටීම් වලින්  අනිවාර්යයෙන්ම ඇතිවන්නෙ දුකක්    යම් දෙයකට  ඇලීම් ඇතිවන්නේ ඒ දෙය ශුබය් සුන්දරය් සැපය් සාරය් කියල මෝඩ විදිහට හිතුවොත්  තමය්   හිතල බැලුවහම මේ ඔක්කොම විද්‍යුත් ශක්තියෙන් එකට බැඳිල තියන  ඉලෙක්ට්‍රොන ප්‍රෝටෝන නියුට්ට්‍රොන ගොඩක් නෙ    යම් දෙයක් සමග  ගැටීම්  ඇතිවන්නේ ගැටීම් ඇතිකරගැනීමෙන්  තමන් අකමැති දෙය ඉවත්  කරන්න පුළුවන් කියල මෝඩ විදියට  හිතුවොත් තමය්

ඇලීම් ගැටීම ඇතිවන්නේ තමන් දකින රුප ප්‍රිය අප්‍රිය කියල වර්ග දෙකකට බෙදා ගත්තොත් විතරය්  යම් රුපයක් පෙනෙනවිට එය  අශුබය් අසුන්දරය් දුකය් අසාරය් හරි  විදිහට හිතුවොත් එයට   ඇලීම් ඇතිවන්නේ නැහැ    යම් දෙයක් සමග  ගැටීම් ඇතිකරගැනීමෙන්  තමන් අකමැති දෙය ස්ථිර ලෙස  ඉවත්  කරන්න බැහැ එය ඉවත්කරන්න පුළුවන්  එයින් ඇතිවන නරක විපාක තේරුම් ගැනීමෙන්  පමනය් කියල හරි විදියට දැක්කොත්  ඒ දෙය සමග ගැටීම් ඇතිකර ගන්නෙ නැහැ

සිහියෙන් සිතේ ඇතිවන අලුත් රුප හඳුනා ගනිමින් ඒ ආකාරයට හිතමින්  අලුතින් රුපයක් හදා නොගෙන ඉන්නවනම් ඇලීමක්වත් ගැටිමක්වත් ඇතිවන්නේ නැහැ  එවිට ඇතිවන්නේ  සැබෑ සැපය වන නිරාමිස සැපයක්     දැන් ඉතින් සැබෑ සැප විඳින්න ඕන නම්  කෙනෙක්  කරන්න ඕන මේ අලුත් රුප හදාගන්න එක නතර  කරන ක්‍රියාකාරකම වන  කායේ කායානුපස්සනාව ක්‍රියාකාරකම හරියාකාරව කරන එකය්

ඉතින් විවේක නැහැ කියකියා ඉන්න අවශ්‍ය නැහැ මම කරපු රස්සාව  ඉතින් එච්චර විවේකයක් තියන එකක් නොවෙය්නෙ කලාපේ ඉස්කෝල වලට ගිහිල්ල ඒවායේ ප්රින්සිපල්ලගේ  වැඩ ගුරුවරුන්ගේ වැඩ ළමයින්ගේ වැඩ බලල ඒවා වැරදි නම් නිවැරදි කරන  වැඩ ඒවායේ තියන අඩුපාඩු වලට කලාපෙ මුදල් වෙන්කරලා දෙන වැඩ උත්සව රැස්වීම් ඉවරයක් නැහැනේ ඒත් ඉවර තියන විදියට මේ කරුනුත් ඉගෙන ගත්ත එතකොට මට තේරුණා ගුරුවරයෙක් වගේ  අවරුදු දොළහක්  විතර උසස්පෙළ පන්තිවල උගන්නපු භෞතික විද්‍යාව විෂයයට වඩා මෙය සියුම් මෙය  ගැඹුරුය් ඒවගේම රසවත් කියල

මෙය  සරලය් ගැඹුරුය්

ඉතින් මේ විදියට කායේ කායානුපස්සනාව කරනවිට මොකද වෙන්නෙ    වේදනාවේ වේදනානුපස්සනාව ඉබේටම වෙනව    චිත්තේ චිත්තානුපස්සනාව ඉබේටම වෙනව    ධම්මේ ධම්මානුපස්සනාව ඉබේටම වෙනව

මොකක්ද මේ කරන්නෙ   මේ කරන්නෙ සතර සතිපට්ටාන භාවනාව

ඉතින් දැන් හැමෝටම පුලුවන් ආකාරයට  සතර සතිපට්ටාන භාවනාව කරන්න පුළුවන්    මොනවද කරන්න ඕන

1 සිහියෙන් ඉන්න එක

2 එහෙම ඉඳිමින් සිතේ අලුතින්  ඇතිකරගන්නා  රුප ඇලීම් රුපද ගැටීම රුපද යනුවෙන් හඳුනා ගැනීම

3 ඇලීම් රුපයක් ඇතිවුනොත් එය  අශුබය් අසුන්දරය් දුකය් අසාරය් කියල හරි  විදිහට දකිමින් එය පස්සනා කිරීම

4 ගැටීම රුපයක්  ඇතිවුනොත් එය  සමග ගැටිල එය ඉවත්කරන්න බැහැ එය ඉවත්කරන්න පුළුවන්  එයින් ඇතිවන නරක විපාක තේරුම් ගැනීමෙන්  කියල හරි  විදිහට දකිමින් එය පස්සනා කිරීම

මෙය කිරීමට තැනක් වෙලාවක් ඉරියව්වක් ආගමක් අවශ්‍ය නැහැ ඕනෑම ආගමක කෙනෙකුට ඕනෑම ඉරියව්වක රැකියා කරනගමන් ගෙදර වැඩ කරන ගමන් බස්එකේ යන ගමන් අවදි වෙලා ඉන්න සිහියෙන් ඉන්න  ඕන වෙලාවක කරන්න පුළුවන්

පුළුවන් හැටියට කරල බලන්නකො

හරියට කලොත් කරපු මොහොතෙම  ඉඳන් සැප ලැබෙනව

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s