අනිච්චා වත සංඛාරා

brown buddha statue
Photo by Pixabay on Pexels.com

අනිච්චා වත සංඛාරා
උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති
තෙසං වුපසමො සුඛො
මේ ගාථාව මම ඕන තරම් අහල තියනව හැම මලගෙදරකම පාංසකූලෙ දෙන වෙලාවෙ හාමුදුරුවරු මේ ගාථාව අනිවාර්යයෙන් කියනව මම විතරක් නෙවෙයි ලංකාවෙ ඉන්න හැම බවුද්ධයෙක්ම මේ ගාථාව එහෙම කියනව අහල ඇති ඒවුනත් පහුගිය 23වනදා මතුගම ශ්වණාගාරයේ ධර්මදේශණාවක් පැවැත්වූ පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ දේශණා කලා ගැඹුරු අර්ථයකින් යුතු මේ ගථාව මලගෙදරකදි කියන එක හරි නැහැ කියන එක ඉතින් මට හිතුන ස්වාමීන්වහන්සේ කියපු ඒ කාරණය ගැන තව කරුණු ටිකක් හොයල බලන්න ඒ හොයල බලල හොයාගත්තු කරුණු වලින් ටිකක් තමයි යන්තමට පහලින් ලියන්නෙ
හැම මලගෙදරකම පාංසකූලෙ දෙනකොට මේ ගාථාව කියනව බලමු මේ ගාථාවෙ තේරුම මොකක්ද කියල
1) වත සංඛාරා – ජීවත්වන හැමෝගෙම සංඛාර ජාති තුනක් ඇතිවෙනවනෙ ඒ කිව්වෙ 1)කාය සංඛාර 2) වචී සංඛාර 3) මනෝ සංඛාර කියල මෙතන මේ කාය කියන්නෙ කයට නෙවෙයි කාය සංඛාර කියන්නෙ 1)ඇසින් හැදෙන සංඛාර2) කණින් හැදෙන සංඛාර 3) නාසයෙන් හැදෙන සංඛාර ……………ආදී වශයෙන් හය ආකාර සංඛාරයන්ටයි පෘතක්ජන අයගෙ ඒ සංඛාර හැදිල නවතින්නෙ නැහැ සංඛාර පච්චයා විඤ්ඤාණං ,විඤ්ඤාණ පච්චයා නාමරූපං නාමරූප පච්චයා සලායතන ……… ආදී වශයෙන් වතක යනව නොහොත් චක්රයක යනව නොහොත් භව චක්රයෙ යනව භව පච්චයා ජාති වෙනව එතකොට ඉතින් ජරා මරණ ශෝක පරිදේව ……දුක්රැස ඇතිවෙනව
2)අනිච්චා – ඉච්ච කියන්නෙ කැමැත්තනෙ එහෙම නම් අනිච්ච කියන්නෙ කැමත්ත ඉටු නොවන කියන එකනෙ
එතකොට මොකක්ද අනිච්චා වත සංඛාරා කියන්නෙ
අනිච්චා වත සංඛාරා කියන්නෙ ඉපදුන කිසිකෙනෙක් ඇතිකරගන්නා ඉටුකරගන්නා අයිතිකරගන්නා කිසිම දෙයකින් කිසිම සංඛාරයකින් කිසිම සංඛතයකින් කැමැත්ත ඉටුවන්නේ නැත කියන එකනෙ
එතකොට මොකක්ද උප්පාද වය ධම්මිනෝ කියන්නෙ
ඒ ඇතිවන උප්පාදවන සංඛාරයන් නැතිවයන වය වන ධර්මතාවයෙන් යුක්තය කියන එකනෙ නැත්නම් එම සංඛාරයන් එම සංඛතයන් ඒවා ඇතිවීමට හේතු ඇතිවිට ඇතිවී ඒ හේතු නැතිවූවිට නැතිවයන ධර්මතාවයෙන් යුක්තය කියන එකනෙ
එතකොට මොකක්ද උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති කියන්නෙ
හේතු ඇතිවිට ඇතිවී ඒ හේතු නැතිවූවිට නැතිවයන තමන් ආශා කරන ඇලීම් ගැටීම් කර සාදාගන්නා එම සංඛාරයන් එම සංඛතයන් කිසියම් කෙනෙකුට හෝ දිගින් දිගටම නොනවත්වාම පවත්වාගෙන යන්නට හෝ ඒවා ඇතිවී නැතිවීයාම නවත්වන්නට නොහැකි බවනෙ ඒවා ඇතිවන්නට හේතු ඇතිවුනහම ඇතිවෙලා ඉන්පසුව ගෙවිලා,වැහැරිලා, විනාශවෙලා නිරුද්ධවෙලා යන ධර්මතාවයෙන් යුක්ත ඒවා බව කියන එකනෙ.
දැන් ඉතින් අන්තිම පදයෙන් ඒ කියන්නෙ තෙසං වුපසමො සුඛො කියල කියන්නෙ මොකක්ද
මේ ලෝකයේ ඇති සියලුම දේ වලට අදාල ඉහත ධර්මතාවයන් තුන ධර්මයට අනුව ප්රඥ්ඥාවෙන් දැක අවිද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කර ඒ අනුව ලෝකයේ ඇති ආශ්වාදයන්ගේ නිස්සාරබව දැක මේ ලෝකයේ විවිධ දේවල් සමග රාග ද්වේශ මෝහ බවින් ඇලෙන,ගැටෙන,මුලාවන ගති නවතා සං වීමෙන් හෙවත් බැඳීමෙන් මිදී සිටින තැනැත්තේ සුඛ විහරනයෙන් යුතුව වාසය කරන්නේය කියන එකනෙ
දැන් තේරෙනව නේද මේ ගාථාව කොතරම් ගැඹුරු අර්ථයෙන් යුත් ගාථාවක්ද කියන එක
දැන් ඉතින් කොතනද මේ ගාථාවෙ මැරිච්ච මිනිහෙක් ගැන තියෙන්නෙ කොහෙවත් නෑනෙ
දැන් බලමු මේ ගාථාව ධර්ම ග්රන්ථවල කොතනද සදහන්වෙලා තියෙන්නෙ කියල
මේ ගාථාව තියෙන්නෙ දීඝනිකායෙ මහා වග්ගයෙ මහා පරිනිබ්බාන සූත්‍රයෙ 249 පිටුවෙ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේ මුලින්ම සහම්පතී බ්රහ්මය ගාථාවක් කියල තියනව ඊළගට ශක්ර දෙවියන් මේ ගාථාව කියල තියනව මේ ගාථාව බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේ ශක්ර දෙවිදුන් විසින් එසේ කෙලෙස් වලින් තොරව සැබෑ සැපයෙන් යුක්තව නිර්වාණ සැපයෙන් සිට පිරිනිවන් පෑ උතුම්වූ බුදුරජානන්වහන්සේ වෙනුවෙන් කී උපහාර ගීතය ඉතින් ඒ උතුම්වූ බුදුරජානන්වහන්සේ ගේ පර්නිර්වාණය නිමිතිකොට බුදුරජානන්වහන්සේ වෙනුවෙන් කී මෙම උපහාර ගාථාව මේ නොයෙකුත් ආකාරයෙ අවසේස පෘතක්ජන මිනිස්සු ගෑණු මැරුණ වෙලාවට කියන එක හරිද
ඊළගට එන ප්රශ්ණය තමයි මේ බවුද්ධයො කියාගෙන ඉන්න සමහර මිනිස්සු බණ දන්නවද කියන ප්රශ්ණය
ඊළගට එන ප්රශ්ණය තමයි මේ සමහර හාමුදුරුවරු බණ දන්නවද කියන ප්රශ්ණය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s