The difference in between the real Buddhist meditation and the fake Buddhist meditation

brown buddha statue
Photo by Pixabay on Pexels.com

The difference in between the real Buddhist meditation and the fake Buddhist meditation

The differences are big and wide

Most of the world they practices the  fake one and most of the books written to describe the fake one Because the authors  of  those books don’t know that they also have been cheated by their earlyers

Then they cheat others unknowingly

Even in Sri Lanka  Thailand Burma   and all other countries they mostly practices fake one

What are the main differences in between the real Buddhist meditation and the fake so called Buddhist meditation In practicing the fake one they describe the goodness will be future But if you practice the real Buddhist meditation the good results starts from at that moment and then in future

 

  • The Buddhist meditation not to improve the mind but the fake ones describe it is to the improve the mind That  is the wrong side which aim to dyana etc The Lord Buddha have rejected that side clearly
  • The real Buddhist meditation not to improve the mind but to purify the mind

Purify from what purify  from sexy thoughts angry violence hate thoughts and foolish thoughts

Raga dwesa moha

The Buddhist meditation is with practical methods to pure the mind form that thoughts and improve kind metta karuna mudita upekka thoughts  In those meditation methods it import good attitudes like kindness to inside and export bad  attitude like angry hate etc

 

  • But in fake meditation people have misunderstand that as inhaling and out haling and doing that wayo kasina breathing medetation methodes The hindu jaina yoga meditations

 

  • The only place to learn the real Buddhist philosophy is the Sri Lanka But even in the Sri Lanka it is not easy Because about 97% of them also practices the wrong ones So what about the so called other Buddhist countries
  • The Buddhism is not The Buddhist Philosophy The Lord Buddha not preched the Buddhism
  • The Lord Buddha preached the Buddhist philosophy The Buddhism and the Buddhist philosophy is too different

Learn correct Buddhist philosophy you will see that

ත්රිපිටකය මුල් අයිතිය ඇත්තේ කුමන රටටද

book page
Photo by Skitterphoto on Pexels.com

දොලොස් අව්රුද්දක් පැවත ඇති බැමිණිතියාසාය මහා දුර්භික්ෂයෙන් පසුව ලංකාවේ සිටි මහ තෙරුන්වහන්සේලා විසින් එතෙක් මුඛ පරම්පරා ආකාරයෙන් රැකගෙන ආ ත්රිපිටකය මාතුල අලුලෙනෙහිදී ග්රන්ථාරූඩ කරන ලදැයි ඉතිහාසයේ සදහන්ව ඇත

එසැනින් ප්රශ්ණයක් ඇතිවේ

ප්රශ්ණ අංක 1 – එනම් එම මාතුල අලුලෙන වර්ථමානයේ ඇති මාතලේ අලුවිහාරයද එසේ නැතහොත් කෑගල්ලට නුදුරුව ඇති මාතුල අලුලෙනද යන්නයි

දෙපාර්ශ්වයම විසින් තමුන්ගේ පැත්ත නිවැරදි බවට කරුණු දක්වන බැවින් නිශ්චිත පිළිතුරක් නැත

ඉන්පසුව ඇතිවන ප්රශ්ණය වන්නේ ප්රශ්ණ අංක 2 -මහතෙරුන්වහන්සේලා විසින් එසේ ත්රිපිටකය ග්රන්ථාරූඩ කලේ හෙලබසින්ද නැත්නම් පාලියෙන්ද යන ප්රශ්ණයයි

ඇතිවන තවත් ප්රශ්ණයක් වන්නේ ප්රශ්ණ අංක 3 -බුදුරජානන් වහන්සේ ධර්මය දේශණා කර ඇති මාගදී භාෂාව සහ හෙල භාෂාව සහ පාලි භාෂාව අතර ඇති සම්බන්ධය කෙබදුද යන්නයි

එයටද නිශ්චිත පිලිතුරක් නැත

මිහිදු හිමියන් ලංකාවට එනවිට පාලි ත්රිපිටකයද රැගෙන ආ බව කොටසක් කියයි

එය එසේනම් පාලි ත්රිපිටකයේ අයිතියක් ලංකාවට නැත

එම දොලොස් අව්රුද්දක් පැවත ඇති බැමිණිතියාසාය මහා දුර්භික්ෂසමයේ දිවිරැක ගැනීම සදහා සමහර තෙරුන්වහන්සේලා ඉන්දියාවට ගොස් ඇති අතර කොටසක් ලංකාවේම රැදී සිට ඇත මාතුල අලුලෙනෙහිදී ත්රිපිටකය ග්රන්ථරූඩ කර ඇත්තේ එම බැමිණිතියාසාය මහා දුර්භික්ෂය අවසන්වීමෙන් පසුවය එම කාලයේ ඉන්දියාවට ගොස් සිටි තෙරුන්වහන්සේලාද නැවත ලක්දිවට පැමිණ තමතමන් දරා සිටින ත්රිපිටක ධර්මය නැවත ලංකාවේ සිටි තෙරුන්වහන්සේලා සමග ගලපාබලා ඇත එමගින් ත්රිපිටකය නිවැරදිව ආරක්ෂාවී ඇති බව පසක් කරගෙන ඇත අනාගත ආරක්ෂාව සදහා ත්රිපිටකය ග්රන්ථාරූඩකර ඇත්තේ ඉන් පසුවය

එවකට පාලි ත්රිපිටකයක් ඉන්දියාවේ තිබුනේ නම් දොලොස් අව්රුද්දක් පැවත ඇති බැමිණිතියාසාය මහා දුර්භික්ෂසමයේ ඉන්දියාවට ගොස් ලංකාවේ දුර්භික්ෂය අවසන්ව යනතුරු වර්ෂ ගණනාවක් එහි සිටි මහතෙරුන්වහන්සේලා නැවත ලංකාවට ඒමේදී එය මෙරටට රැගෙන නොඑන්නේ නැත එය එසේවූයේ නම් එතෙක් මුඛ පරම්පරා ආකාරයෙන් රැකගෙන ආ ත්රිපිටකය නැවත හෙලබසින් ග්රන්ථාරූඩ කරන්නට අවශ්‍යවන්නේ නැත කලයුතුව තිබුනේ එම පාලි ත්රිපිටකය හෙලබසට හැරවීම පමණක් බැවිනි

එතෙක් මුඛ පරම්පරා ආකාරයෙන් රැකගෙන ආ ත්රිපිටකය වලගම්බා රජ දවස මාතුල අලුලෙනෙහිදී හෙල බසින් ග්රන්ථාරූඩ කරන ලදැයි කියන අය කියන්නේ එසේ හෙලබසින් ලියූ ත්රිපිටකය එකක් රන්පත් මතද අනෙක පුස්කොලපත් මතද ලියූ බවයි රන්පත්මත ලියූ ත්රිපිටකය ගල්ලෙනක් තුල නිධන්කල බවයි පුස්කොලපත්හි ලියූ ත්රිපිටකය මාතුල අලුලෙනෙහි තිබුන බවයි

බුද්ධඝෝෂ ස්වාමීන්වහන්සේ ලංකාවට පැමිණ ඇත්තේ හෙල බසින් ලියා තිබූ හෙල අටුවා පාලියට පරිවර්තනය කිරීම සදහා බවයි

පසු කාලයේදී මහවිහාරය සතුව තිබූ ඇතුන් හත්දෙනෙකුගේ බරින් යුතු ධර්ම ග්රන්ථයන් රාශියක් විනාශකර මහවිහාරයද විනාශකර එම භුමියෙහි උදු වපුරනු ලද බවයි

එහිදී කෑගල්ලේ මාතුල අලුලෙනෙහි තිබුන පුස්කොලෙහි ලියනලද ත්රිපිටකය ආරක්ෂා වූ බවයි

එමෙන්ම අභයගිරියෙහි තිබුන හෙලඅටුවා පොත් ද ආරක්ෂාවූ බවයි

පසුකාලයෙහි කෑගල්ලේ උප දිසාපතිව සිටි ජෝර්ජ් ටර්නර් විසින් මාතුල අලුලෙනෙහි තිබුන පුස්කොලෙහි ලියනලද ත්රිපිටකය එංගලන්තයට රැගෙන ගිය බවයි

ඒ අනුව කරුණු සලකා බලනවිට පෙනීයන්නේ මාතුල අලුලෙනෙහි තිබූ පුස්කොලපත්හි ලියනලද ත්රිපිටකය එංගලන්තයේ ආරක්ෂිතව තිබිය යුතු බවයි එය හෝ නොඑසේනම් එහි පිටපතක් හෝ නැවත මේ රටට ගෙන ආ හැකිනම් එය අගනා කටයුත්තක් බවයි

එතෙක් මුඛ පරම්පරා ආකාරයෙන් රැකගෙන ආ ත්රිපිටකය වලගම්බා රජ දවස මාතුල අලුලෙනෙහිදී හෙල බසින් ග්රන්ථාරූඩ කරන ලදැයි ගනිමු එවිට නැවතත් ප්රශණයක් ඇතිවෙයි

ප්රශ්ණ අංක 4 -එනම් එතෙක් මුඛ පරම්පරා ආකාරයෙන් රැකගෙන ආ ත්රිපිටකය ග්රන්ථාරූඩ කරනලද්දේ හෙලබසින් නම් අද පවතින පාලි ත්රිපිටකය මුලින්ම ලිව්වේ කව්රුන්ද යන ප්රශ්ණයයි

මේ කිසිදු ප්රශ්ණයකට නිශ්චිත පිලිතුරක් නැත

ලෝකයේ ත්රිපිටක සංස්කරණ ගණනාවක්වෙයි පාලි ත්රිපිටකය සියම් ත්රිපිටකය බුරුම ත්රිපිටකය පාලිපොත් සමාගමේ ඉංග්රීසි ත්රිපිටකය ආදී වශයෙනි

සිංහල ත්රිපිටකද බුද්ධජන්ති ත්රිපිටකය නැදිමාල ත්රිපිටකය මහමෙව්නා ත්රිපිටකය ආදී වශයෙන් කීපයක් වෙයි

ජාතික උරුමයක් කලේ කොයි ත්රිපිටකයදැයි හරියාකාරව දැනගන්නට නැත නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්තානයේ අධ්‍යක්ෂක කිරම විමලජෝති ස්වාමීන්වහන්සේ සිංහල ත්රිපිටකයේ පරිවර්තන අඩුපාඩු ඇතිබව පසුකාලයේ පිලිගන්නා ලදී

කෙසේ වෙතත් මේ සියලු ත්රිපිටක ග්රන්ථයන්හි මූල ත්රිපිටක ග්රන්ථය වන්නට ඇත්තේ පාලි ත්රිපිටකයයි පාලි ත්රිපිටකය අදටත් නිරවුල්ව තිබීම සමස්ථ ලෝකවාසීන්ගේ භාග්‍යයකි

පාලි ත්රිපිටකයේ මුල් අයිතිය ඇත්තේ කුමන රටකටදැයි නිශ්චිතව කිව නොහැක්කේ මෙහි සදහන්ව ඇති ප්රශ්න වලට නිශ්චිත පිලිතුරු නොමැති බැවිනි

ස්පෝර්ට් මීට් සෙල්ලම සහ විභාග නාඩගම

 

ස්පෝර්ට් මීට් සෙල්ලම සහ විභාග නාඩගම

මේ දිනවල හැම පාසලකම පාහේ ස්පෝට් මීට් සෙල්ලම්ය මෙය පටන්ගන්නේ පාසලේ ඇති ලමුන් ඇතුලත්වීම් ලේඛණයේ අංක අනුව පාසලේ තිබෙන නිවාස වලට බෙදීමෙනි උදාහරණ ලෙස ගත්තොත් පාසලේ තිබෙන්නේ නිවාස හතරක් නම් ඇතුලත්වීම් අංකය හතරෙන් බෙදූවිට එකක් ඉතිරිවන්නේ නම් ඒ අය පලමු නිවාසටය දෙකක් ඉතිරිවන්නේ නම් ඒ අය දෙවන නිවාසටය ආදී වශයෙනි ඉන්පසු ජේ්‍යෂ්ඨ ගුරුවරු කීපදෙනෙක්ගෙන් යුත් පාසල් ක්රීඩා කමිටුව පත්කරගනු ලැබේ විදුහල්පති නියෝජය විදුහල්පති ක්රීඩාභාර ආචාර්ය ආදීන් වෙනත් කමිටු මොකකටවත් පත්කරන්නේ නැත ඔවුන් පරිපාලන කමිටුව වෙති පොදුවේ සිටිති ඉන්පසු සමබර වනසේ ගුරුවරුන් නිවාස වලට බෙදනු ලැබේ ඉන්පසු නිවාස හතරට අයත් ගුරුවරුන් ලමුන් නිවාස වශයෙන් වෙන්වෙන්ව  රැස්ව ක්රීඩා උත්සවයේ වැඩ පටන්ගනු ලැබේ මෙහි මූලික වැඩ රාජකාරි රාශියක් ඇත නිවාස නායක ආචාර්යවරයා පත්කරගත යුතුය නිවාස ක්රීඩා නායක පත්කරගත යුතුය නිවාස ක්රීඩා නායිකාව පත්කරගත යුතුය භාණ්ඩාගාරික පත්කරගත යුතුය මුදල් එකතුකරගත යුතුය හවස ක්රීඩා පුහුණුවට නවතින ගුරුවරුන් නම් නියම කරගත යුතුය කාල සටහනක් සාදාගත යුතුය  වැඩ කෝටියකි

මේ වැඩ යන අතර සෑම වර්ෂයකම සෑම පාසලකම පාසලේ විදුහල්පති විසින් කෙරෙන එක් ප්රධාන කටයුත්තක් වන්නේ එම වර්ෂය සදහා පාසලේ කාලසටහන සාදා නියමිත දිනට පෙර එය කලාප අධ්‍යක්ෂ ලවා අනුමත කර ගැනීමයි එසේ නොකලහොත් පාසලේ විදුහල්පතිට ඒ සම්බන්ධව නිදහසට කරුණු කියන්නට වෙයි පාසලේ සිටින ගුරුවරුන්ට  ඹවුන්ගේ දක්ෂතා හැකියා අනුව වැඩ පවරා පන්ති පවරා ඔවුන්ට නියමිත කාලසටහන් ලබාදී කරන එම වැඩය පාසලක  ඉතා සියුම් ලෙස සහ ඉතා දක්ෂ ලෙස කලයුතු අපූරු වැඩකි තමන් සැදූ කාලසටහනට අනුව අවුලක් නැතුව පාසලේ වැඩ හොදින් කෙරීගෙන යනවිට විදුහල්පතිවරයෙකුට ඇතිවන්නේ මහත් සතුටකි සත්‍ය වශයෙන්ම පාසලේ ප්රධාන නීතිය වන්නේ එසේ සකස්කර අනුමත කරවා ගත් කාලසටහනයි එය සාදන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනය වැනි ආයතන විසින් නියම කර ඇති ආකාරයටය එම ආයතන විසින් නිකුත් කර හදුන්වා දී ඇති විෂය නිරිදේශ සම්පූර්ණ වන ආකාරයට අව්රුද්දේ කාලය වාර මාස සති දින ආකාරයන්ට නිසියාකාරව බෙදා සකස් කිරීමෙනි  මෙම කාලසටහන ඉක්මවා කටයුතු කිරීමට පාසලේ කිසිවෙකුටත් බලයක් නැත

ක්රීඩා උත්සවය සම්බන්ධව පෙර සදහන් කල  මූලික කටයුතු වලින් පසු ඒ ඒ නිවාසයේ ක්රීඩා කටයුතු පටන්ගනු ලැබේ මුලින් ටිකෙන් ටික පටන් ගන්නා ක්රීඩා වැඩ දවසෙන් දෙකෙන් මුලු පාසලම අයිති කර ගනියි උදේ පාසලට පැමිණි ලමුන්  නම් ලකුණු කල ගමන් යන්නේ පිට්ටනියටය ලමයි පොත් අරගෙන එන්නේද නැත නිවාසයේ ගුරුවරුන්ටද  ක්රීඩා උත්සවය පැවැත්වෙන නියමිත දිනට පෙර සම්පූර්ණ කරගතයුතු වැඩ රාශියකි ලමයින්ගේ උප්පැන්න සහතික බලා ලමුන් වයස් අනුව වර්ගකරගත යුතුය මූලික තරග පවත්වා ඒ ඒ තරග සදහා දක්ෂ ලමුන් තෝරාගත යුතුය ඒවා ක්රීඩා කමුටුව මගින් අනුමත කරවා ගත යුතුය අංක ලබාගත යුතුය නිවාසය හැදිය යුතුය  ලමයින්ට පැළද ගැනීමට නිවාස ලාචන සැදිය යුතුය ඉන්ටවල් එකේදී දීමට ආහාර පැකටි බීම හදාගත යුතුය වැඩ කෝටියකි

ඔය අතර රංඩුද ඇතිවෙයි ක්රීඩා උත්සවයේ  රංඩු ඇතිවන්නේ නිවාස අතර ලමයි ලමයි අතර පමණක් නොවේ ගුරුවරු ගුරුවරු අතරද පුදුමාකාර ලෙස රංඩු ඇතිවේ ඒ රංඩු වලදී ඉතා දැඩිලෙස බැණ ගැනීම් ආදියද ඇතිවේ සමහර තරහවීම් ක්රීඩා උත්සවයෙන් පසුවද කාලයක් යනතුරු පවතී බොහෝ රංඩු ඇතිවන්නේ හොර කිරීම් සම්බන්ධවය අසාධාරණ විනිශ්චයන් සම්බන්ධවය විභාගය කර පාසල හැරගිය ලමුන් හොරට යෙදවීම් ආදිය සම්බන්ධවය නීති කැඩූ සමහර තරග කරුවන්ට දෙන ජයග්රහණ සම්බන්ධවය

ඒ අතර ක්රීඩා ගුරුවරයාටද ඇති තරම් වැඩය ධවන පථය සකස් කල යුතුය ක්රීඩා උපකරණ ලබා දිය යුතුය අවශය නොයෙකුත් උපදෙස් දිය යුතුය

පාසලේ සංගීත ගුරුවරයාද කාර්යය බහුලය උත්සවය සදහා පාසල් බෑන්ඩ් එක පුහුණුකිරීම් කරවන නිසාය

ඒ අතර විදුහල්පතිටද දහසක් වැඩය ප්රධාන අමුත්තා ලෙස තමුන්ටද පාසලටද ප්රයෝජනවත් කෙනෙක් ගෙන්වා ගතයුතුය කාල වකවානු දින නියම කරගත යුතුය වෙනත් අමුත්තන්ට ආරාධනා කල යුතුය ක්රීඩා උත්සවය සම්බන්ධව ඇතිවන ආරවුල් රංඩු නොපමාව නිරාකරණය කල යුතුය ක්රීඩා කටයුතු වලදී  හදිසි අනතුරු වලට භාජනය වන අසනීප වන ලමුන් වුවහොත්  රෝහල් වලට ගෙන යායුතුය   හුගක් හවස් වන තුරුම ගුරුවරුන් සහ ලමුන් පාසලේ රැදී සිටින බැවින් වෙන වෙන වැඩ සිදුවීම් ගැන අවධානයෙන් සිටිය යුතුය සංවර්ධන සමිතිය කැදවා කුසලාන ලාංචන වියහියදම් ආදිය සම්බන්ධව ආධාර උපකාර ලබා ගත යුතුය  වැඩ කෝටියකි

මෙහි සදහන් කර ඇත්තේ වැඩ කටයුතු අල්ප ප්රමාණයක් ගැන පමණි සදහන් නොකල වැඩ රාශියක් තව ඇත

ඒ අතර කලාප කාර්යාල වලටද වැඩය සෑම පාසලකින්ම ආරාධනා ලැබෙතත් සෑම පාසකටම කලාප අධ්‍යක්ෂකට යා නොහැක එබැවින් සිටින අධ්‍යක්ෂවරුන් කලාප කාර්යාලය නියෝජනය කරමින් ඒ ඒ පාසල් වලට නියම කර යායුතු පාසල් නම් කර ලේඛනයක් සාදා අත්සන් ගනු ලැබේ සමහර පාසල් වලට යාමට සමහර අධ්‍යක්ෂවරු කැමති නැති නිසා ඒවා සංශෝදනය කර නැවත සකස් කල යුතුවෙයි කලාප අධ්‍යක්ෂකට යාමට මන්ත්රීතුමන්ලා එන ඇමතිවරුන් එන පාසල් තබා ගනු ලබයි

උත්සවයේදී පාසල් කොඩිය විදුහල්පති විසින් ඔසවන අතර කලාපකොඩිය කලාප අධ්‍යක්ෂක හෝ  ඒ වෙනුවට සහභාගිවන අධ්‍යක්ෂක විසින් ඹසවනු ලබයි කොට්ඨාශ කොඩිය කොට්ඨාශ අධ්‍යක්ශ විසින් ඔසවනු ලබයි

මේ ආකාරයට පලමු පාසල් වාරයේ වැඩි කොටසක් ක්රීඩා වලට වෙන්වී යයි මේ සියලු වැඩ රාජකාරි කරමින් ක්රීඩා උත්සවය පවත්වනු ලබයි නමුත් මෙම කාලය තුල පාසල තුල තිබෙන ප්රශ්ණය වැඩි දෙනෙක් දකින්නේ නැත මෙහි  තිබෙන ප්රශ්ණය වන්නේ මෙම කාලයේ පාසලේ ප්රධාන නීතිය වන පාසල් කාල සටහනට සිදුවන්නේ කුමක්ද යන්නයි එයනම් මෙම කාලයේදී පාසල් කාල සටහන නිකම්ම නිකම් ලියවිල්ලක් පමණක් බවට පත්වීමයි අධ්‍යාපන අමාත්‍යංශය  ජාතික අධ්‍යාපන ආයතනය  ආදීවු ආයතන මගින් පලමුවාරයේ ඉගැන්විය යුතු කොටස් ක්රිඩා වලට වැසී  නොකෙරී යයි පාසලේ විදුහල්පති ඇතුලු ගුරුවරුන් සියලුම දෙනාද කලාප කාර්යාලයේ හැම අධ්‍යක්ෂකවරුන්ද මේ ගැන දන්නා නමුත් දැනගෙන නොදන්නවා සේ හිදී

පාසලේ ක්රීඩා උත්සවය ඉවරවුනාට පසුව පාසලේ හරියාකාරව උගන්වන්නට හැකිද නොහැකිය ඊළගට කොට්ඨාශ ක්රීඩා පටන් ගන්නා බැවිනි කොට්ඨාශ ක්රීඩා ඉවරවුනාට පසුව පාසලේ හරියාකාරව උගන්නන්නට පටන් ගන්නට පුලුවන්ද නොහැකිය කලාප ක්රීඩා පටන් ගන්නා නිසාය

මෙලෙස හට ගන්නා ක්රීඩා උණුසුම පවතින්නේ පලමු පාසල් වාරයේ මුල්මාස දෙක තුන තුල පමණය හතු පිපී ලොකුවී මෝරා මැරී යන්නාක්මෙන් පාසලේ ක්රීඩා උණුසුමද අවසන්ව යයි

මේ අයුරින් පළමුවාරය ගෙවීයයි ඉන්පසුව දෙවෙනි වාරය එයි පාසලේ ඉගැන්වීම්  වැඩ පටන් ගන්නේම අතපසුවූ පාඩමි වැඩ රාශියක් ඇතිවය පාසලට එන අධ්‍යක්ෂවරුන් සැම දෙනාම වාගේ ගුරුවරුන්ට උපදෙස් දෙන්නේ ඹයාගෙ පන්තියේ පලමුවාරයේ වැඩ අවසන් කරල නැහැ කෙහොමහරි අවසන් කරන්න යනුවෙනි ගුරුවරයා වැරදිකරුවෙක් කරමිනි එසේ කිව්වාට ඒ අයුරින් වැඩ නිමකරන්නට නොහැක ලමුන්ටද පාසලේදී තමුන්ගේ පාඩමි නිසිපරිදි ඉවර කෙරෙන්නේ නැතිබව නිරායාසයෙන් තේරුම් යයි පොහොසත් ලමුන්ට ප්රශ්ණයක් නැත ඹවුන් ටියුෂන් පන්ති යන නිසාය නමුත් ටියුෂන් යන්නට බැරි දුප්පත් ලමුන්ට වන්නේ කුමක්ද ඹවුන්ට සිදුවන්නේ නියමිත විෂය දැණුම නැතිව විභාගයට යන්නටය

අර ක්රීඩා උත්සවයේ තරග වලට පෙනී සිට දිනූ ලමයින්ගේ තත්වය කුමක්ද ඹවුන්ගේ ක්රීඩා දක්ෂතාවයන් තවදුරටත් දියුණු කරණ ක්රියා මාර්ගයක් පාසලේ වෙයිද එසේ නැත ඉතිරිවන්නේ සහතිකය පදක්කම කුසලානය සහ මතකය ආදියයි  විභාගය අසමත්වූවිට සහතිකය පදක්කම කුසලානය ආදියේද  වටිනාකමද අඩු වී යයි බොහෝවිට ක්රීඩා ආදී බාහිර වැඩවලට උනන්දු නොවී පොත්පත් වල වැඩට ඇලුන ධනවත් ලමයි අර සියලු ලමුන් ඉක්මවා යයි

රටේ මෙම අධ්‍යාපන බොරුව මෙසේ පවත්වාගෙන යන්නේ ඇයිද යන්න ප්රශ්ණයකි

people running
Photo by RUN 4 FFWPU on Pexels.com 

අනිච්චා වත සංඛාරා

brown buddha statue
Photo by Pixabay on Pexels.com

අනිච්චා වත සංඛාරා
උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති
තෙසං වුපසමො සුඛො
මේ ගාථාව මම ඕන තරම් අහල තියනව හැම මලගෙදරකම පාංසකූලෙ දෙන වෙලාවෙ හාමුදුරුවරු මේ ගාථාව අනිවාර්යයෙන් කියනව මම විතරක් නෙවෙයි ලංකාවෙ ඉන්න හැම බවුද්ධයෙක්ම මේ ගාථාව එහෙම කියනව අහල ඇති ඒවුනත් පහුගිය 23වනදා මතුගම ශ්වණාගාරයේ ධර්මදේශණාවක් පැවැත්වූ පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ දේශණා කලා ගැඹුරු අර්ථයකින් යුතු මේ ගථාව මලගෙදරකදි කියන එක හරි නැහැ කියන එක ඉතින් මට හිතුන ස්වාමීන්වහන්සේ කියපු ඒ කාරණය ගැන තව කරුණු ටිකක් හොයල බලන්න ඒ හොයල බලල හොයාගත්තු කරුණු වලින් ටිකක් තමයි යන්තමට පහලින් ලියන්නෙ
හැම මලගෙදරකම පාංසකූලෙ දෙනකොට මේ ගාථාව කියනව බලමු මේ ගාථාවෙ තේරුම මොකක්ද කියල
1) වත සංඛාරා – ජීවත්වන හැමෝගෙම සංඛාර ජාති තුනක් ඇතිවෙනවනෙ ඒ කිව්වෙ 1)කාය සංඛාර 2) වචී සංඛාර 3) මනෝ සංඛාර කියල මෙතන මේ කාය කියන්නෙ කයට නෙවෙයි කාය සංඛාර කියන්නෙ 1)ඇසින් හැදෙන සංඛාර2) කණින් හැදෙන සංඛාර 3) නාසයෙන් හැදෙන සංඛාර ……………ආදී වශයෙන් හය ආකාර සංඛාරයන්ටයි පෘතක්ජන අයගෙ ඒ සංඛාර හැදිල නවතින්නෙ නැහැ සංඛාර පච්චයා විඤ්ඤාණං ,විඤ්ඤාණ පච්චයා නාමරූපං නාමරූප පච්චයා සලායතන ……… ආදී වශයෙන් වතක යනව නොහොත් චක්රයක යනව නොහොත් භව චක්රයෙ යනව භව පච්චයා ජාති වෙනව එතකොට ඉතින් ජරා මරණ ශෝක පරිදේව ……දුක්රැස ඇතිවෙනව
2)අනිච්චා – ඉච්ච කියන්නෙ කැමැත්තනෙ එහෙම නම් අනිච්ච කියන්නෙ කැමත්ත ඉටු නොවන කියන එකනෙ
එතකොට මොකක්ද අනිච්චා වත සංඛාරා කියන්නෙ
අනිච්චා වත සංඛාරා කියන්නෙ ඉපදුන කිසිකෙනෙක් ඇතිකරගන්නා ඉටුකරගන්නා අයිතිකරගන්නා කිසිම දෙයකින් කිසිම සංඛාරයකින් කිසිම සංඛතයකින් කැමැත්ත ඉටුවන්නේ නැත කියන එකනෙ
එතකොට මොකක්ද උප්පාද වය ධම්මිනෝ කියන්නෙ
ඒ ඇතිවන උප්පාදවන සංඛාරයන් නැතිවයන වය වන ධර්මතාවයෙන් යුක්තය කියන එකනෙ නැත්නම් එම සංඛාරයන් එම සංඛතයන් ඒවා ඇතිවීමට හේතු ඇතිවිට ඇතිවී ඒ හේතු නැතිවූවිට නැතිවයන ධර්මතාවයෙන් යුක්තය කියන එකනෙ
එතකොට මොකක්ද උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති කියන්නෙ
හේතු ඇතිවිට ඇතිවී ඒ හේතු නැතිවූවිට නැතිවයන තමන් ආශා කරන ඇලීම් ගැටීම් කර සාදාගන්නා එම සංඛාරයන් එම සංඛතයන් කිසියම් කෙනෙකුට හෝ දිගින් දිගටම නොනවත්වාම පවත්වාගෙන යන්නට හෝ ඒවා ඇතිවී නැතිවීයාම නවත්වන්නට නොහැකි බවනෙ ඒවා ඇතිවන්නට හේතු ඇතිවුනහම ඇතිවෙලා ඉන්පසුව ගෙවිලා,වැහැරිලා, විනාශවෙලා නිරුද්ධවෙලා යන ධර්මතාවයෙන් යුක්ත ඒවා බව කියන එකනෙ.
දැන් ඉතින් අන්තිම පදයෙන් ඒ කියන්නෙ තෙසං වුපසමො සුඛො කියල කියන්නෙ මොකක්ද
මේ ලෝකයේ ඇති සියලුම දේ වලට අදාල ඉහත ධර්මතාවයන් තුන ධර්මයට අනුව ප්රඥ්ඥාවෙන් දැක අවිද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කර ඒ අනුව ලෝකයේ ඇති ආශ්වාදයන්ගේ නිස්සාරබව දැක මේ ලෝකයේ විවිධ දේවල් සමග රාග ද්වේශ මෝහ බවින් ඇලෙන,ගැටෙන,මුලාවන ගති නවතා සං වීමෙන් හෙවත් බැඳීමෙන් මිදී සිටින තැනැත්තේ සුඛ විහරනයෙන් යුතුව වාසය කරන්නේය කියන එකනෙ
දැන් තේරෙනව නේද මේ ගාථාව කොතරම් ගැඹුරු අර්ථයෙන් යුත් ගාථාවක්ද කියන එක
දැන් ඉතින් කොතනද මේ ගාථාවෙ මැරිච්ච මිනිහෙක් ගැන තියෙන්නෙ කොහෙවත් නෑනෙ
දැන් බලමු මේ ගාථාව ධර්ම ග්රන්ථවල කොතනද සදහන්වෙලා තියෙන්නෙ කියල
මේ ගාථාව තියෙන්නෙ දීඝනිකායෙ මහා වග්ගයෙ මහා පරිනිබ්බාන සූත්‍රයෙ 249 පිටුවෙ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේ මුලින්ම සහම්පතී බ්රහ්මය ගාථාවක් කියල තියනව ඊළගට ශක්ර දෙවියන් මේ ගාථාව කියල තියනව මේ ගාථාව බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේ ශක්ර දෙවිදුන් විසින් එසේ කෙලෙස් වලින් තොරව සැබෑ සැපයෙන් යුක්තව නිර්වාණ සැපයෙන් සිට පිරිනිවන් පෑ උතුම්වූ බුදුරජානන්වහන්සේ වෙනුවෙන් කී උපහාර ගීතය ඉතින් ඒ උතුම්වූ බුදුරජානන්වහන්සේ ගේ පර්නිර්වාණය නිමිතිකොට බුදුරජානන්වහන්සේ වෙනුවෙන් කී මෙම උපහාර ගාථාව මේ නොයෙකුත් ආකාරයෙ අවසේස පෘතක්ජන මිනිස්සු ගෑණු මැරුණ වෙලාවට කියන එක හරිද
ඊළගට එන ප්රශ්ණය තමයි මේ බවුද්ධයො කියාගෙන ඉන්න සමහර මිනිස්සු බණ දන්නවද කියන ප්රශ්ණය
ඊළගට එන ප්රශ්ණය තමයි මේ සමහර හාමුදුරුවරු බණ දන්නවද කියන ප්රශ්ණය

පොජාතන්තරවාදය සහ සමාජවාදය – බටහිරයන්ගෙන් ඉගෙනගත් පොජාතන්තරවාදයෙන් හෝ බටහිරයන්ගෙන් ඉගෙනගත් සමාජවාදයෙන් අප රටෙහි ප්රස්ණ විසදීමට හැකිවන්නේ නැත

බටහිරයන්ගෙන් ඉගෙනගත් පොජාතන්තරවාදයෙන් හෝ බටහිරයන්ගෙන් ඉගෙනගත් සමාජවාදයෙන් අප රටෙහි ප්රස්ණ විසදීමට හැකිවන්නේ නැත

උන්ගේ දර්ශණයට අනුව යහපත් ආකාරයෙන් උපයන රුපියලට ඇත්තේද අධර්මයෙන් උපයන රුපියලට ඇත්තේද සමාන අගයකි

උන්ගේ දර්ශණයට අනුව නූගත් අයෙකුගේ චන්දයක ඇත්තේද බුද්ධිමත් අයෙකුගේ චන්දයක ඇත්තේද එක සමාන අගයකි

එය එසේවන්නේ කෙසේද

අපි අපේ රටට ගැලපෙන ආණ්ඩු ක්රමයක් සාදාගත යුතුව ඇත

එය කල යුතුය

people holding flags and posters while standing in front of building
Photo by Rosemary Ketchum on Pexels.com

එය කලහැක